Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 60:1 - Sinhala New Revised Version

1 අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 60:1
36 හුවමාරු යොමු  

තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී,


එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක.


තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,


දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.


සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.


අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.


ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.


කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: “මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.


ඔබ මෙසේ වදාළ සේක: “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:


අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.


අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?


අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?


අහෝ දෙවිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?


අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක.


අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.


ඉක්බිති අමශියා ධෛර්යය වඩා තම සෙනඟ කැඳවාගෙන, ලුණු මිටියාවතට පැමිණ සේයිර්වරුන්ගෙන් දසදහසක් මැරී ය.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි.


පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.


අහෝ සමිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?


අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.


හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.


මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි.


එහෙත්, ඔබ ඒ රජ කෝපයෙන් පහකළ සේක. ඔබේ අබිසෙස් ලත් තැනැත්තා කෙරෙහි උදහසින් රොස් වූ සේක;


සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.


ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්