යෙසායා 50:4 - Sinhala New Revised Version 2018 විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක. Sinhala New Revised Version විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක. Sinhala Revised Old Version විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක. |
උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.
එවිට මම, “මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. “මා පිළිබඳ අණපනත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.
රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.
සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති: “ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද? ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද? එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.
ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!
එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.
එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි.
“තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න.
උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.
මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.
සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.
නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.