ඔබ මේ ලෝකෙට ආවේ අහම්බෙන් නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබ තුළ අපූරු දෙයක් තැන්පත් කරලා තියෙනවා. ලෝකය මැවීමටත් පෙර සිටම ඔබ වෙනුවෙන් සදාකාලික අරමුණක් තියෙනවා. ඒ නිසා, ඔබට කැඳවූ දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන බවත්, ඔබට ආලේප කළ දෙවියන් වහන්සේ ඔබට ශක්තිය හා ප්‍රඥාව ලබා දෙන බවත් සැමවිටම මතක තබා ගන්න. උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමට ඔබට හැකියාව ලැබෙන්නේ ඒ නිසයි. දෙවියන් වහන්සේ ඔබට කළ කැඳවීම කිසිදා වෙනස් නොවන බව මතක තබා ගන්න. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට ලකුණක් ඔබ තුළ තියෙනවා. උන්වහන්සේගේ මහිමය හා බලය ප්‍රකාශ කිරීමට ඔබව තෝරාගෙන තියෙනවා. ඒ නිසා, ඔබ තනිවම නොවන බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ සෑම අවස්ථාවකදීම ඔබට මඟ පෙන්වන බවත් දැනගෙන ස්ථිරව සිටින්න. මිනිසුන්ට ඔබට කළ හැකි දේ ගැන බිය නොවන්න. දෙවියන් වහන්සේ ඔබට පවසන දේ කතා කරන්න, උන්වහන්සේ අණ කරන සියල්ල කරන්න. මොකද උන්වහන්සේගේ පැමිණ සිටීම ඔබ සමඟ ඇති නිසා. "ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ සමඟ අපව ස්ථිර කරන, අපට ආලේප කළ, අපට මුද්‍රා තැබූ, අපගේ සිත් තුළට ඇපකාරයක් ලෙස ආත්මයාණන් වහන්සේ දුන්නේ දෙවියන් වහන්සේයි." (2 කොරින්ති 1:21-22)
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද, පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න. එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.
ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.
මෝසෙස් ආලේප තෛලය රැගෙන මණ්ඩපය හා එහි තිබුණු සියල්ල ආලේපකරමින් ඒවා පවිත්‍ර කෙළේය. ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය. ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.
නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.
පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.
මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.
ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.
ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.
ආලේප තෛලය ගෙන මණ්ඩපයද එහි ඇති සියල්ලද ආලේපකොට ඒකද ඒකේ සියලු බඩුද විශුද්ධකරන්න. එවිට එය ශුද්ධවන්නේය.
තවද යූදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යූදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න.
මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.
එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;
එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,
තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය; ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය; ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේය.
මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේට ඔප්පුකරාවා.
පූජාසනය පිට තිබෙන ලෙයින්ද ආලේප තෙල්වලින්ද ස්වල්පයක් රැගෙන ආරොන් පිටත් ඔහුගේ වස්ත්‍ර පිටත් ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් පිටත් ඔවුන්ගේ වස්ත්‍ර පිටත් ඉසින්න. මෙසේ ඔහු සහ ඔහුගේ වස්ත්‍රද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ වස්ත්‍රද ශුද්ධවන්නෝය.
ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය. උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නමැති අත්තිකාරම අපට දුන්සේක.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.
ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.
ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.
එයින් සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද, මේසය සහ එහි සියලු භාජනද පහන්රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද, දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න. ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධකරන්න. ඒවාට තැවරෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා.
ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න. ඔහුගේ පුත්‍රයන්ද ගෙනවුත් ඔවුන්ට ඇඳුම් හඳවා, පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.
පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිටට ගොනා ගෙනෙන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ගොනාගේ හිස පිට තමන්ගේ අත් තබත්වා. එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඒ ගොනා මරන්න. තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න. අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න. එහෙත් ගොනාගේ මාංසද හමද ගොමද කඳවුරෙන් පිට ගින්නෙන් දවන්න. ඒක පාප පූජාවක්ය. එක බැටළුවෙකුත් අරගන්න; ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තමන්ගේ අත් බැටළුවාගේ හිස පිට තබත්වා. එවිට නුඹ බැටළුවා මරා උගේ ලේ රැගෙන පූජාසනය පිට වටකරින් ඉසින්න. බැටළුවා උගේ කොටස්වලට කපා උගේ අතුණුද කකුල්ද සෝදා ඒවා උගේ කොටස්ද උගේ ඉසද සමඟ තබන්න. තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න; ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තබත්වා. මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.
ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.
හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක–ස්වාමීන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි.
තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් තමාගේ වම් අල්ලේ වත්කරගන, තමාගේ වම් අල්ලේ තිබෙන තෙලෙහි තමාගේ දකුණු ඇඟිල්ල ගිල්වා, තමාගේ ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත්වරක් තෙල් ඉස, තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා, පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කෙරේවා.
පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද;
නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේවා නුඹලාගේ පරම්පරාවල මට ශුද්ධ ආලේප තෛලයක් වන්නේය. මනුෂ්‍ය ශරීරය පිට ඒවා වත්කරනු නොලැබිය යුතුය, නුඹලා ඒවායේ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට ඒ හා සමාන කිසිවක් නොසෑදිය යුතුය. එය ශුද්ධය, එය නුඹලාට ශුද්ධ වන්නේය. ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.
ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, නුඹ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න. නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න.
මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.
යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,
පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න. එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.
පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.
ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය.
ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.
ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා.
එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.
ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි; උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක.
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
එළිය දීමට පහනක් නිතර දැල්වී තිබෙන පිණිස, කොටා සිඳගත් පිරිසිදු ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.
දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය. සෝදන භාජනයද ඒකේ අඩියද ආලේපකොට විශුද්ධකරන්න.
තෙලින් මඳක් තමාගේ වම් අල්ලේ වත්කොට, තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් වරක් ඉස, තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා, පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය.
ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධකිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණකරනලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මෝසෙස් ආලේප තෛලය රැගෙන මණ්ඩපය හා එහි තිබුණු සියල්ල ආලේපකරමින් ඒවා පවිත්‍ර කෙළේය. ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය. ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන් ගෙන්වා, ඔවුන්ට දික් යට ඇඳුම් හඳවා, ඉණපිටි ඔවුන්ගේ ඉඟටිවල බැඳ, ඔවුන්ගේ හිස්වල ඔටුනු බැන්දේය. එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය. ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය. ඔහු අතුණු පිට තිබෙන තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද ගත්තේය, මෝසෙස් ඒවා පූජාසනය පිට දැවුවේය. එහෙත් ගොනා සහ උගේ සමද මාංසයද ගොමද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු කඳවුරෙන් පිටත ගින්නෙන් පුලුස්සාදැමුවේය. ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ. ඔහු ඌ මැරීය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,
ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය. තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය. මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.
යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට,
එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය. එයින් සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද, මේසය සහ එහි සියලු භාජනද පහන්රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද, දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න.
තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් තමාගේ වම් අල්ලේ වත්කරගන, තමාගේ වම් අල්ලේ තිබෙන තෙලෙහි තමාගේ දකුණු ඇඟිල්ල ගිල්වා, තමාගේ ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත්වරක් තෙල් ඉස,
මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය. ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය. මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය.
පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද; රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද;
පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය. පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්, එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්,
ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.
එළිය දීමට තෙල්ද ආලේප තෙල්වලටත් සුවඳ දුම්වලටත් සුගන්ධ ද්‍රව්‍යයන්ද, ඒඵොද් සහ ළය වැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට මැණික්ද යන මේවා ගෙනේවා.
තෙලින් මිශ්‍රවූද අමිශ්‍රවූද සියලු ආහාර පූජා ආරොන්ගේ පුත්‍රයන් හැමදෙනාටම එකාකාරයෙන් හිමිවන්නේය.
තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් වරක් ඉස, තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා, පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය.
තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා,
ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද, පන්සියයක තලිස් පතුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලීව තෙල් හිනක්ද ගන්න.
ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.
අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා. ඔහු පවිත්‍රකරන පූජකයාද පවිත්‍රවෙන්ට සිටින මනුෂ්‍යයා සහ ඒ දේවල් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තබා, එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා. ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.
බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද! එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;
තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමගිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා. කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය–ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය. පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.
නුඹලා අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා; එනම් මණ්ඩපයද ඒකේ කූඩාරමද ඒකේ වැස්මද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කණුද ඒකේ අඩිද; ගිවිසුම් පෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද කඩතුරාවේ වැස්මද;
එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය, ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය. මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා.
ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්. ඔහු බලාගත්තේය.
නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමගිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා; තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා. ඔහු තමාගේ පවිත්‍රවීම පිණිස අටවෙනි දවසේදී ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඒවා පූජකයා වෙතට ගෙනේවා. පූජකයාද අපරාධ පූජාවේ බැටළු පැටවා සහ තෙල් හුණ්ඩුවද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තේව පූජාවක් කොට තේවකෙරේවා.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය. සෝදන භාජනයද ඒකේ අඩියද ආලේපකොට විශුද්ධකරන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ ළඟට ගෙනවුත් වතුරෙන් නාවා, ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න. ඔහුගේ පුත්‍රයන්ද ගෙනවුත් ඔවුන්ට ඇඳුම් හඳවා, පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක. මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය. දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනි දවසේදී මණ්ඩපය පිහිටුවනලද්දේය. මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය. පළමුවෙනි මාසේ පළමුවෙනි දින සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපය පිහිටුවන්න. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා, පෙට්ටිය මණ්ඩපය ඇතුළට ගෙනවුත් වැසීමේ තිරය එල්වා, සාක්ෂිපෙට්ටිය වෙන්කෙළේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණදුන් ලෙස ඔහු මේසය සම්මුඛවීමේ කූඩාරම තුළ මණ්ඩපයේ උතුරු පැත්තෙහි තිරයට පිටතින් තබා, ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටී තැබීය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු පහන් රුක සම්මුඛවීමේ කූඩාරමෙහි මේසය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා, ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා, දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය. සාක්ෂිපෙට්ටිය එහි තබා පෙට්ටිය තිරයෙන් බෙදා වෙන්කරන්න.
යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය. නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා, තල් අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි මොරගසා කීවෝය. සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු පිට නැගී එනසේකැයි ලියා තිබෙන හැටියට යේසුස්වහන්සේ කොටළු තරයෙකු ලැබ ඌ පිට හිඳගත්සේක. උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය. එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය. මේ ලකුණ උන්වහන්සේ දැක්වූසේකැයි සමූහයාට ආරංචිවූ බැවින් ඔව්හු උන්වහන්සේගේ පෙරමගට ගියෝය. එහෙයින් ඵරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: නුඹලාට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය. එබැවින් ඔව්හු උන්වහන්සේට එහි කෑමක් පිළියෙළ කළෝය. මාර්තා උපස්ථානකළාය; එහෙත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් වූයේය. මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය. එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය. පිලිප් ඇවිත් අන්දෘට කීවේය. අන්දෘද පිලිප්ද ඇවිත් යේසුස්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ. සැබවක් සැබවක් නුඹලාට කියමි–ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි. තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක. දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි. පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය. එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය. එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය, ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය.
ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයා ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය. ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවූ සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය. සබත් දවසේදී නුඹලාගේ සියලු වාසස්ථානවල ගින්දර පත්තු නොකළ යුතුයයි කීයේය. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා
මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.