Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 40:15 - Sinhala Revised Old Version

15 පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 40:15
15 හුවමාරු යොමු  

ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.


නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.


ආශීර්වාදකරන්නේ උතුම් අය විසින් කුඩා අයට බව වාද රහිතය.


තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.


ඊට සමානව ඒවා මිශ්‍රකරන්නා හෝ එයින් විදේශියෙකුට ගාන්නා හෝ තමන්ගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කියන්නැයි කීසේක.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේවා නුඹලාගේ පරම්පරාවල මට ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


ඔහුගේ පුත්‍රයන්ද ගෙනවුත් ඔවුන්ට ඇඳුම් හඳවා,


මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය.


මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්