Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:25 - Sinhala Revised Old Version

25 ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:25
15 හුවමාරු යොමු  

එවිට නුඹ ආලේප තෛලය ගෙන ඔහුගේ හිස පිට වත්කරමින් ඔහු ආලේපකරන්න.


ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරුද ඒ දවස්වල සිටින උත්තම පූජකයා නසින තුරුද ඒ නුවර වසන්නේය. ඉන්පසු මිනී මැරූ තැනැත්තා තමා හැරගිය තමාගේම නුවරටත් තමාගේම ගෙදරටත් හැරීයන්නේයයි කීසේක.


තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.


ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.


පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය.


එහෙත් මිනීමරන්නා යම් විටක තමා පලාගිය ආරක්ෂා නුවර සීමාවෙන් පිටතට ආවොත්,


කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්