Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:12 - Sinhala Revised Old Version

12 ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:12
9 හුවමාරු යොමු  

ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ආලේප කොට විශුද්ධකරන්න.


එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;


එවිට නුඹ ආලේප තෛලය ගෙන ඔහුගේ හිස පිට වත්කරමින් ඔහු ආලේපකරන්න.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


සදාකාලේටම තමන්ගේ පරම්පරාවල නියම කොටසක්කොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එය ඔවුන්ට දෙනු ලබන ලෙස, ඔවුන් ආලේපකළ දවසේදී ස්වාමීන්වහන්සේ අණකළසේක.


මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.


ස්වාමීන්වහන්සේගේ ආලේප තෛලය නුඹලා පිට තිබෙන නිසා, නුඹලා නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්