Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 14:28 - Sinhala Revised Old Version

28 තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:28
5 හුවමාරු යොමු  

එවිට නුඹ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.


තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් වරක් ඉස,


පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


ඔහු ඌ මැරීය; මෝසෙස් උගේ ලෙයින් මඳක් රැගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරෙහිද ඔහුගේ දකුණතේ මාපට ඇඟිල්ලෙහිද ඔහුගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්