Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:16 - Sinhala Revised Old Version

16 මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:16
17 හුවමාරු යොමු  

එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.


මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.


සාමුවෙල් සාවුල්ට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි නුඹ රජකොට ආලේපකරන පිණිස මා එවූසේක. එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.


යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට නුඹ විසින් කටයුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.


නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය.


ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.


මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ නුඹටය, නිදහස්කරගැනීමත් නුඹට අයිතිය; නුඹම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගතිමි.


එවිට සාවුල්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද එකට රැස්ව යුද්ධයට පැමිණියෝය. එවිට එක එක මනුෂ්‍යයාගේ කඩුව තම තමා ළඟ සිටි තැනැත්තාට විරුද්ධව තිබී, ඉතා මහත් විසිරීමක් හටගෙන තිබෙන බව ඔව්හු දුටුවෝය.


මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය.


මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්