Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:8 - Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:8
32 හුවමාරු යොමු  

එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා.


පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.


ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් නුඹලාගේ පරම්පරාවල නිරන්තරයෙන්ම අයිති කොටසක් මෙන් ආරොන්ගේ දරුවන් අතරේ සියලු පිරිමින්ට එයින් කන්නට පුළුවන. ඊට තැවරෙන කවරෙක් නුමුත් ශුද්ධවන්නේයයි කීසේක.


පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක.


ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න.


ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර ඔහුගේ පුත්‍රයන් ඇඳගෙන ආලේප කරනුලැබීමටත් පත්කරනුලැබීමටත් ඔහුගෙන් පසු ඔවුන්ට වන්නේය.


නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.


නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.


ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.


තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: ඔබ විසින් මට අණ කළ ඔබගේ මුළු ආඥාව ලෙස පිරිනැමූ දේවල් මම මාගේ ගෙයින් වෙන්කොට ඒවා ලෙවීයයාටද විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද දුනිමි. ඔබගේ ආඥාවලින් කිසිවක් කඩනොකෙළෙමි, ඒවා සිහිනැතිනොකෙළෙමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,


ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය.


තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;


මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.


පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.


ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය–නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ.


පූජාසනය පිට තිබෙන ලෙයින්ද ආලේප තෙල්වලින්ද ස්වල්පයක් රැගෙන ආරොන් පිටත් ඔහුගේ වස්ත්‍ර පිටත් ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් පිටත් ඔවුන්ගේ වස්ත්‍ර පිටත් ඉසින්න. මෙසේ ඔහු සහ ඔහුගේ වස්ත්‍රද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ වස්ත්‍රද ශුද්ධවන්නෝය.


ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?


එක එක පූජාවෙන් එකක් බැගින් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස ඔහු එයින් ඔප්පු කෙරේවා; එය ශාන්ති පූජාවල ලේ ඉසින පූජකයාට හිමි වන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.


එය නිරන්තරයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් දිය යුත්තක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද වන්නේය. මක්නිසාද එය එසවීමේ පූජාවක්ය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් එනම් ඔවුන් විසින් ස්වාමීන්වහන්සේට ඔසවන පූජාවලින් එසවීමේ පූජාවක් වන්නේය.


පූජකයාද නාඹුල් ඵලවලින් සෑදූ රොටි සහ බැටළු පැටවුන් දෙදෙනා සමඟ උන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට තේවකෙරේවා. එය පූජකයාට ලැබෙන පිණිස ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය.


ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්‍රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.


අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙනලද්දේය. ඒ මිල පූජකයන්ගේ විය.


මේ ආඥාව පතළවුණ විට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝසෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසයෙත් තෙල්වලත් මීපැණිවලත් භූමියේ සියලු අස්වැන්නෙහිත් ප්‍රථමඵල සහ සියල්ලෙන් දසයෙන් කොටසක්ද යහමින් ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්