දෙවියන් වහන්සේගේ නාමය අපවිත්‍ර කිරීම හෙවත් නින්දා කිරීම බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. මේ ක්‍රියාව ශුද්ධ ලියවිල්ලේ සුළු කොට තකන්නේ නැහැ. උදාහරණයක් විදිහට නික්මයාම පොතේ "ඔබේ දෙවි වන ස්වාමීන් වහන්සේගේ නාමය නිෂ්ඵල ලෙස භාවිතා නොකරන්න. මන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ නාමය නිෂ්ඵල ලෙස භාවිතා කරන කිසිවෙකුට නිදොස් කොට නොසලකනු ඇත" (නික්මයාම 20:7) කියලා පැහැදිලිවම අණ කරලා තියෙනවා.
දෙවියන් වහන්සේගේ ශුද්ධකමට සෘජුවම පහර දෙන, උන්වහන්සේගේ නාමයට අගෞරව කරන ක්‍රියාවක් තමයි මේ නින්දාව කියන්නේ. යේසුස් වහන්සේත් අපේ වචන ගැන පරිස්සම් වෙන්න ඕන කියන එක ගැන ඉගැන්නුවා. "මිනිසුන් පවසන සෑම නිෂ්ඵල වචනයක් ගැනම විනිශ්චය දවසේදී ඔවුන් ගණනක් දෙනු ඇත" (මතෙව් 12:36) කියලා උන්වහන්සේ අපට මතක් කළා. ඒ නිසා අපි අපේ වචන ගැන හොඳට සිතා බලා, කිසිම ආකාරයකින් දෙවියන් වහන්සේට නින්දා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.
දෙවියන් වහන්සේගේ ශුද්ධකමට අපහස කරන ක්‍රියාවක් තමයි නින්දාව. බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න උත්සාහ කරන හැමෝම මෙයින් වැළකී සිටිය යුතුයි. මේ බයිබලානුකුල ආවර්ජනය ඔබේ වචන ගැන හොඳට සැලකිලිමත් වෙන්න, කියන කරන හැම දේකදිම දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුග්‍රහය පතන්න ඔබව පොළඹවනවා ඇති.
මිනිසුන්ට නින්දා කරන කෙනාට සමාව ලැබෙනවා. නමුත් ශුද්ධාත්මයාණන්ට නින්දා කරන කෙනාට කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වය ගැන කවදාවත් ප්‍රශ්න කරන්න එපා. හදවත් කිරා මැන බලන්න, ගැඹුරු අභිප්‍රායන් වටහා ගන්න අපිට අයිතියක් නැහැ. ඒකට එකම මිනුම් දණ්ඩක් තියෙනවා, ඒ තමයි යේසුස් වහන්සේ. ඒ නිසා පරිස්සම් වෙන්න, නැත්නම් ඔබේ ආත්මය නිරාගින්නේ විනාශ වෙයි. අපි කියන කරන හැම දේකින්ම දෙවියන් වහන්සේට ගෞරව කරන්න අපි හැමෝම වෙහෙසෙමු.
එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය.
එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය-කරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය
ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකරන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය; මුළු සභාව සැබවින් ඔහු ගල්ගසා මැරිය යුතුය. විදේශියා වුවත් ස්වදේශියා වුවත් ස්වාමීන්වහන්සේගේ නාමයට අපහාසකළොත් මරනු ලැබිය යුතුය.
එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය. යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.
ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලාගේ පියවරු මට විරුද්ධව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාසකළෝය.
සැබවක් නුඹලාට කියමි–මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.
එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.
නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේය.
නුමුත් දැන් නුඹලා ඒ සියල්ල–කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව–පහකරන්න.
එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය.
මක්නිසාද නුඹලා මෙහි ගෙනාවාවූ මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම්කරන්නෝවත් අපේ දේවතාවීට අපහාසකරන්නෝවත් නොවෙති.
මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.
දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;
අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.
මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.
යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
ඔව්හු තමුන්ගේ වේදනාද වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාසකළෝය; තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූණෝය.
සැබවක් නුඹලාට කියමි–මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය.
මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.
එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙලඹෙවුවෝය.
යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන කවරෙකුට නුමුත් කමාව ලැබෙන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාසකරන්නාට කමාව නොලැබෙන්නේය.
ඔව්හු–නුඹ දෙවියන්වහන්සේටත් රජුටත් ශාප කෙළෙහියයි ඔහුට විරුද්ධව සාක්ෂි දෙත්වා. පසුව ඔහු පිටතට ගෙනගොස් ගල්ගසා මරන්නය යනුය.
යෙසායා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාසකොට කීවාවූ වචනවලට භය නොවන්න.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.
තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි.
එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය.
පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.
මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.
ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.
වියගහට යටත්වූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝයයි සිතත්වා.
මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,
ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය.
දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.
ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.
එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.
මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේද ස්වාමීන් අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.
දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.
දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:
මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.
නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
ඒවා පාළුවී අපේ භුක්තියට දී තිබේය කියා නුඹ ඉශ්‍රායෙල් කඳුවලට විරුද්ධව කීවාවූ නුඹේ සියලුම අපහාස කථා ස්වාමීන්වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහිය.
කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය.
අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය. එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය-කරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය
අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කීවේය
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති.
ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය.
කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,
එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.
නුඹේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේය.
එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
නුඹ නින්දාකළෙත් අපහාස කළෙත් කාටද? නුඹ හඬනැගුවෙත් නුඹේ ඇස් උඩට එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය.
එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය. කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.
නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.
නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්, පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න. එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න. නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.
ඔවුන් පැමිණි තැන්වල ජාතීන් ළඟට ඔවුන් ගිය කල: මොව්හු ස්වාමීන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ දේශයෙන් පිටවුණෝයයි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසුවෝය.
මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.
ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය. ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.
ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.
නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම නුඹේ කටට ගැන්මෙන් නුඹට කම් කිම්ද? මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.
මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.
තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය.
පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.
ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ව්‍යවස්ථාව ගැන පාරට්ටුකරගන්නාවූ නුඹ ව්‍යවස්ථාව කඩකිරීමෙන් දෙවියන්වහන්සේට අගෞරවකරනවාද? මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.
නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි.
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා නින්දාකරනු ලබන්නහු නම් නුඹලා ආශීර්වාදලද්දහුය; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක.
තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.
එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය. ඉදින් ස්වාමීන්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි නුඹේ සිතින් කියන්නෙහි නම්,– අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.
ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.
ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.
බලව, ඔවුන් සියල්ලෝම කිසිත් නැතිකමය, ඔවුන්ගේ වැඩ නිෂ්ඵලකමය; ඔවුන්ගේ පිළිම සුළඟ සහ වියවුලය.
සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.
එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ගබඩාවලදී කරන දේ දුටුවෙහිද? මක්නිසාද: ස්වාමීන්වහන්සේ අප දකින්නේ නැත; ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේකැයි ඔව්හු කියතියි මට කීසේක. ඔවුන් කරන තවත් මහත් පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහියයි උන්වහන්සේ මට කීසේක.
එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියති. මා විසින් ඔවුන් එවුවේවත් ඔවුන්ට අණකළේවත් ඔවුන්ට කථාකළේවත් නැත. ඔවුන් නුඹලාට බොරු දර්ශනයක්ද පේනකීමද හිස්කමද තමුන්ගේ සිත්වල වංචාවද අනාබසින් කියති. එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ–කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.
මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි. ඔබගේ වචනය ඉතා පිරිසිදුය; එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි.
ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය. නුඹලා නිෂ්ඵල දර්ශනයක් දකින්ටත් බොරු දිවස් කියන්ටත් යෙදුණා නොවේද? මා කථා නොකළ නුමුත්: ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹලා කියන්නහුය. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.
මක්නිසාද ස්වයම් ගෞරව රක්ෂක නම්වූ ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ දෙවිකෙනෙක් බැවින් නුඹ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය.