Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:11 - Sinhala Revised Old Version

11 මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:11
24 හුවමාරු යොමු  

ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.


මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති.


ඔව්හු තමුන්ගේ පිළිමවලට තමුන්ගේ පුත්‍රයන් මරා දුන්නායින් පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසන ලෙස එම දවසේම ඊට ඇතුල්වූවෝය. එසේය, මාගේ ගෘහය මැද ඔව්හු මෙසේ කළෝය.


මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔව්හු තමුන්ගේ පිළිකුල් දේවල් එහි තැබුවෝය.


උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය.


මාගේ ප්‍රේමවන්තී බොහෝ නපුරු දේ කරමින් සිටියදී මාගේ ගෘහයෙහි ඈට ඇති කම මොකද? භාර සහ ශුද්ධවූ මාංසය නුඹෙන් නපුරුකම පහකරනවා ඇද්ද? නොහොත් නුඹ මේවා කරණකොටගෙන නිදහස්වෙනවා ඇද්ද?


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.


මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.


පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.


ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.


උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.


එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.


තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මණ්ඩප දෙකේ මුළු අහස් සේනාවට පූජාසන ගොඩනැගුවේය.


මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.


ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබනෝද?


පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගත් සමහර දෙනෙක් සම්බවූවෝය. එනම්: යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයන්ගෙන්ද ඔහුගේ සහෝදරයන්ගෙන්ද මයසේයා, එලීයෙසෙර්, යාරිබ් සහ ගෙදලියාය.


තමුන්ගේ දේවරූප පස්සේ මුළාව ගිය ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය කල මා වෙතින් අහක්ව ගියාවූ ලෙවීවරු ස්වකීය අයුතුකම දරන්නෝය.


ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්