Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 10:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේද ස්වාමීන් අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 10:3
40 හුවමාරු යොමු  

ඔව්හු දොඩවති, අහංකාරලෙස කථා කෙරෙති. අයුතුකම්කරන සියල්ලෝම පාරට්ටු කරගනිති.


ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.


නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.


ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.


ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,


එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.


ඔබ බොරු කියන්නන් විනාශකරනසේක. මිනීමරුවූ ප්‍රයෝගකාරවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ පිළිකුල් කරනසේක.


මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, නුඹ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,


තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,


සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.


ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.


මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න.


එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.


මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.


සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.


ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව,


තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.


තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට ගෙනෙන්නාට දුක්වේ!


නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.


ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.


එම්බා බලවන්තය, නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.


ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, නුඹ නුඹටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් නුඹට ප්‍රශංසා කරන නුමුත්,


සාවුල්: නුඹලා මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් නුඹලාට ආශීර්වාදවේවා.


ස්වාමීන්වහන්සේ ඒ දැක, තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක.


මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.


නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.


ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.


නැතිවුණ ඔබගේ සේනාවමෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමුව, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයයි ඔහුට කීවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී එසේ කෙළේය.


මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්