Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 3:29 - Sinhala Revised Old Version

29 එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 3:29
17 හුවමාරු යොමු  

රජ තෙමේ කල්දිවරුන්ට උත්තරදෙමින්: කාරණය මාගෙන් පහව ගියේය. ස්වප්නයද එහි අර්ථයද නුඹලා මට නොදැන්නුවොත්, නුඹලා කැබෙලිකොට, නුඹලාගේ ගෙවල් කසළගොඩක් කරනු ලබන්නේය.


සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.


අපේ සතුරන්ගේ විනිශ්චයේ හැටියට පවා, ඔවුන්ගේ පර්වතය අපේ පර්වතයමෙන් නොවේ.


නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.


ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.


ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.


තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි.


බාල්ගේ රූපස්තම්භ බිඳ දමා, බාල්ගේ ගෘහයත් බිඳ දමා, අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළෝය.


නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.


රජ ඔවුන් සමඟ කථාකෙළේය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල්ටත් හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් සමානවූ කිසිවෙක් සම්බ නොවීය. ඔව්හු රජු ඉදිරියෙහි සිටියෝය.


එකල දානියෙල් තමාගේ ගෙදරට ගොස්, තමාගේ සමාගම්කාරයන්වූ හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් ඒ කාරණය දන්වා,


රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.


දානියෙල්ගේ ඉල්ලීම පිට රජ බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද පත්කෙළේය. දානියෙල් වනාහි රජවාසලෙහි සිටියේය.


නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය.


මේ දානියෙල් දාරියුස්ගේ රජකමේද පර්සිය කෝරෙෂ්ගේ රජකමේද කාලයෙහි උසස්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්