Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:30 - Sinhala Revised Old Version

30 මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:30
20 හුවමාරු යොමු  

උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.


මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔව්හු තමුන්ගේ පිළිකුල් දේවල් එහි තැබුවෝය.


ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.


ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.


තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.


තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය.


මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අන් දෙවිවරුන්ද පිළිමයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහිත් යෙරුසලමෙහිත් ඔහු ගොඩනගා තිබුණ සියලු පූජාසනද පහකොට නුවරින් පිටත දැමුවේය.


ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.


තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.


තමාගේ පියවූ හෙසකියා කඩාදැමූ උස්තැන් ඔහු නැවත ගොඩනගා, බාල් දේවතාවන්ට පූජාසන නගා, අෂේරා කණුද සෑදුවේය. ඔහු අහසේ මුළු සේනාවටත් නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.


මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.


ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්