Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:16 - Sinhala Revised Old Version

16 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:16
26 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියති. මා විසින් ඔවුන් එවුවේවත් ඔවුන්ට අණකළේවත් ඔවුන්ට කථාකළේවත් නැත. ඔවුන් නුඹලාට බොරු දර්ශනයක්ද පේනකීමද හිස්කමද තමුන්ගේ සිත්වල වංචාවද අනාබසින් කියති.


ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.


බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!


ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.


මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.


උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.


සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.


බොරුවට අනාගතවාක්‍ය කියන්නාවූ, තමුන්ගේ සිත්වල වංචාව අනාගතවාක්‍ය කොට කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ සිතේ මෙය කොපමණ කල් පවතින්නේද?


ඇගේ ප්‍රොපේතවරුද ප්‍රයෝග දර්ශන දැක, ඔවුන්ට බොරු පේන කියා, ස්වාමීන්වහන්සේ කථා නොකළ නුමුත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියා පදම් නොකළ බදාම ගෑවෝය.


නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීය.


ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.


එහෙත් ස්ත්‍රිවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න, උන්වහන්සේගේ මුඛයේ වචනය නුඹලාගේ කන්වල වැටේවා, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමද එකිනෙකා තම තමාගේ අසල්වාසි ස්ත්‍රියට විලාපකීමද උගන්වන්න.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?


මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.


මේක තේරුම්ගන්ට පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රකාශකරන පිණිස මෙය ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියනු ලැබුවේ කාටද? කිසිවෙක් දේශය මැදින් නොයන ලෙස එය නටබුන්වුණෙත් කාන්තාරයක් මෙන් දාලා ගියෙත් මක්නිසාද?


ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.


තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එකල ඉශ්‍රායෙල් රජ ගණනින් හාරසියයක්වූ ප්‍රොපේතවරුන් රැස්කොට: අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නොහොත් මා නොගොස් සිටින්ටදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හුද: ගිය මැනවි; දෙවියන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.


මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්