Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:39 - Sinhala Revised Old Version

39 මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 එතැන පසුකර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:39
18 හුවමාරු යොමු  

මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති.


මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.


මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.


නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.


මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති.


මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්, නුඹලාට විරුද්ධව වචන ගොතා, නුඹලා දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.


ඔහු ගැන ස්වාමීන්වහන්සේ කියන වචනය මේය–සියොනේ කන්‍යා දුව නුඹ සුළුකරනවාය, නුඹට කවටකම්කරනවාය; යෙරුසලමේ දුව නුඹට ඉස වනනවාය.


එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය.


ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය.


උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්