Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:27 - Sinhala Revised Old Version

27 එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලාගේ පියවරු මට විරුද්ධව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාසකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:27
13 හුවමාරු යොමු  

මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.


එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.


වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක.


උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්‍රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.


එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම්කරමින් මට විරුද්ධව පව්කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිගුකොට එහි කෑම නැමති යෂ්ටිය නැතිකර, ඊට විරුද්ධව සාගතය යවා, එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,


තවද ඉශ්‍රායෙල් වංශය වහල්කමට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය.


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්