Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:14 - Sinhala Revised Old Version

14 නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:14
16 හුවමාරු යොමු  

මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.


දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.


ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස,


නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.


බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ!


පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.


දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?


තවත් මම කථාකොට: නුඹලා කරන දේ හොඳ නැත. අපේ සතුරන්වූ ජාතීන්ගේ නින්දා නිසා නුඹලා අපේ දෙවියන්වහන්සේට භය ඇතුව හැසිරිය යුතුනොවේද?


නාතාන් තමාගේ ගෙදරට ගියේය. උරියාගේ භාර්යාව දාවිත් නිසා බිහිකළ ළදරුවාට ස්වාමීන්වහන්සේ පහරදුන්සේක, ළදරුවා ඉතා රෝගාතුරවිය.


සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.


අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්