ඔයාලා දන්නවනේ, බයිබලයේ කියන විදිහට අපි හැමෝම පව් කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ තේජසට ළඟා වෙන්න අපිට බැහැ. අපේ පව් අපිව දෙවියන් වහන්සේගෙන් වෙන් කරනවා. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම පිරිසිදුයි, ධර්මිෂ්ඨයි. ඒ නිසා පව්කාර මිනිසාව විනිශ්චය කරන්න උන්වහන්සේට සිද්ධ වෙනවා.
රෝම 5:8 හි කියන විදිහට, අපි පව්කාරයන්ව සිටියදීත්, දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ ප්‍රේමය පෙන්නුවේ ක්‍රිස්තුස් වහන්සේව අප වෙනුවෙන් මිය යන්න එවීමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ අපිට ගැලවීමේ මාර්ගයක් ලබා දීලා තියෙනවා.
අපි අතරින් ක්‍රිස්තුස් වහන්සේව අපේ ගැලවුම්කරුවා ලෙස පිළිගත්ත අය, මේ ශුභාරංචිය අපි වටේ ඉන්න හැමෝටම කියන්න ඕනේ. යේසුස් වහන්සේ තුළින් සදාකාල ජීවනය ලබාගන්න, ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගැනීමෙන් ගැලවීම ලබාගන්න පුළුවන් කියලා එයාලටත් දැනගන්න ඕනේ.
මේ කාලේ අපිට නිහඬව ඉන්න බැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන හැමතැනම කතා කරන්න ඕනේ. සදාකාල ජීවනයට යන මාර්ග දෙකක් තියෙනවා කියලා මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ ස්වර්ගස්ථානවලට යන මාර්ගය සොයා ගන්න එයාලව දිරිමත් කරන්න ඕනේ.
මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.
එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.
එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
තවද, සහෝදරයෙනි, මම නුඹලාට දේශනාකළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ,
නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ නුඹලා අදහාගත්තහුය.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගුටුවනු ලැබූසේකැයි දේශනාකරනු ලැබේ නම්, මළවුන්ගේ නැගිටීමක් නැතැයි නුඹලා අතරෙන් සමහරුන් කියන්නේ කොහොමද?
මළවුන්ගේ නැගිටීමක් නැත්නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නැගුටුවනු නොලැබූසේක.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නැගුටුවනු නොලැබූසේක් නම්, අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය.
එසේය, මළාහු නැගුටුවනු නොලබත් නම් දෙවියන්වහන්සේ විසින් නොනැගිටෙවුවාවූ ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ නැගිටෙවූසේකැයිද අප උන්වහන්සේ ගැන සාක්ෂි දුන් බැවින්, අපත් දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව පෙනේ.
මක්නිසාද මළාහු නැගුටුවනු නොලබත් නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නොනැගුටුණුසේක.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණුසේක් නම්, නුඹලාගේ ඇදහීම නිෂ්ඵලය; නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය.
එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශවුණෝ වෙති.
ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට බලාපොරොත්තුව තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝය.
නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්ට කැමති කවරෙකුට නුමුත් ඒක නැතිවන්නේය; මා නිසාද ශුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැතිකරගන්න කවරෙක් නුමුත් එක් ගළවාගන්නේය.
අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබාගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණකොටගෙන නුඹලා ඊට කැඳෙවුසේක.
එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.
අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
මක්නිසාද– පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි. ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.
නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.
ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.
මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.
නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.
මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.
එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?
(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?
(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා.
නුඹලා පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් නුඹලාට දේශනාකරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි.
ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය.
මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
ඒ සාක්ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය, ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ.
පුත්‍රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත; දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත.
මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ,
අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,
නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,
මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.
යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා–පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.
නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.
එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය.
එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි.
නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,
දුර්වලයන් දිනාගන්නා පිණිස දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි. සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි.
මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.
එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;
උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;
බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;
ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.
ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.
කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.
පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.