යාකොබ් 3:14 - Sinhala Revised Old Version නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න. Sinhala New Revised Version එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. සිංහල කාලීන පරිවර්තනය එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාශ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න. Sinhala New Revised Version 2018 එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න. |
ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණි කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය බිම වැගිරෙවුවේය.
එවිට යේහු තමාගේ රථයට ඔහු නංවාගෙන කථාකොට: ස්වාමීන්වහන්සේ උදෙසාවූ මාගේ ජ්වලිතකම බලන්ට මා සමඟ එන්නැයි කීවේය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝය.
එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.
එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහවයන්නේය, යූදාට හිංසාකරන්නෝ සිඳ දමනු ලබන්නෝය. එප්‍රායිම් යූදාට ඊර්ෂ්‍යාකරන්නේවත් යූදා එප්‍රායිම්ට හිංසාකරන්නේවත් නැත.
ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.
ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.
නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.
නුමුත් උත්තම පූජකයාද සද්දුසිවරුන්ගේ ලබ්ධියෙහිවූ ඔහු සමඟ සිටි සියල්ලෝද නැගිට, ඊර්ෂ්‍යාවෙන් පිරී,
ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව,
ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.
එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,
ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,
මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහකරනු ලබන පිණිස ශෝකවෙනවා වෙනුවට, නුඹලා උඩඟුව සිටිවුය.
මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,
වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.
මක්නිසාද චර්මඡේද්‍යය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපවත්වති; නුමුත් නුඹලාගේ මාංසය ගැන ඔවුන් පාරට්ටුකරන පිණිස නුඹලා චර්මඡේද්‍යකරවාගන්ට කැමතිවෙති.
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.
ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.
අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.
මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.