Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 1:18 - Sinhala Revised Old Version

18 අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 1:18
24 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.


ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,


ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.


ඉශ්‍රායෙල් වනාහි ස්වාමීන්වහන්සේට ශුද්ධකමව උන්වහන්සේගේ අස්වැන්නේ ප්‍රථම ඵලව සිටියේය. ඔහුව නාස්තිකරන සියල්ලෝ වරදකාරයෝ වන්නෝය; විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.


දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන.


ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,


එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි.


(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.


සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්‍රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.


සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද.


උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස,


සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.


එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.


නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්