Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 1:3 - Sinhala Revised Old Version

3 ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 1:3
16 හුවමාරු යොමු  

මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය.


දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.


නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.


අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.


දුකත් ශෝකයත් දැකීමටද මාගේ දවස් ලජ්ජාවෙන් පසුවෙන්ටද මා කුසෙන් නික්ම ආවේ මක්නිසාද?


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.


ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්