Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:17 - Sinhala Revised Old Version

17 නුමුත් උත්තම පූජකයාද සද්දුසිවරුන්ගේ ලබ්ධියෙහිවූ ඔහු සමඟ සිටි සියල්ලෝද නැගිට, ඊර්ෂ්‍යාවෙන් පිරී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 එබැවින් උත්තම පූජකයා ද සද්දුසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඔහුගේ හවුල්කරුවෝ සියලු දෙනා ද අපෝස්තුලුවරුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පිරී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:17
24 හුවමාරු යොමු  

නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.


නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.


කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය.


එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,


නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය.


මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය.


තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.


උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?


මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.


මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.


නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?


වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.


නුමුත් අදහාගත්තාවූ, ඵරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේදයකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය.


ස්වාමීන්වහන්සේටද උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේටද විරුද්ධව පොළොවේ රජවරු සැරසී සිටියෝය. ආණ්ඩුකාරයෝ එක්ව රැස්වූවෝයයි කීසේක.


උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:


එහෙයින් ඵරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: නුඹලාට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය.


නුමුත් ඔහු තමාගෙන් බව්තීස්මය ලබන පිණිස ඵරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක, ඔවුන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද?


යෙරුසලම අවට නුවරවලින් සමූහයෝ රෝගීන්ද අශුද්ධාත්මවලින් පීඩිතවූවන්ද ගෙන රැස්වූවෝය. ඔවුන් සියල්ලෝද සුවකරනු ලැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්