Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:9 - Sinhala Revised Old Version

9 කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 “මෙම ගෝත්‍රපතීන්, යෝසෙප්ට ඊර්ෂ්‍යාවෙන් ඔහු වහලකු සේ ඊජිප්තුවට විකුණූ නමුදු, දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටි සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:9
14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.


ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක; යෝසෙප් දාසයෙක් කොට විකුණන ලද්දේය.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.


යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය.


මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය.


ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමීන්වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශීර්වාද කළසේක; ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණාවූ සියල්ල කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය වූයේය.


එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්