Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:31 - Sinhala Revised Old Version

31 එහෙත් යේහු තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්ට ප්‍රවේසම් නුවූයේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:31
19 හුවමාරු යොමු  

එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය.


සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.


ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.


ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැතිවූවෝය;


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.


මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.


තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.


මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.


තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.


එසේ වුවත් ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී, ඒවාට ඇලුම්ව සිටියේය.


යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.


මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.


නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.


ස්වාමීන්වහන්සේ හොරේබ්හි ගින්න මැද සිට නුඹලාට කථාකළ දවසේදී නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත.


කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,


මෙසේ ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා කියෙවු ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු යෙරොබොවම් කළ සියලුම පාපවලින් අහක් නොවී ඒවායෙහි හැසුරුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්