ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.
නික්මයාම 3:6 - Sinhala Revised Old Version උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය. Sinhala New Revised Version තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය. Sinhala New Revised Version 2018 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය. |
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න.
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
ඔහු කථාකොට: මාගේ ස්වාමියාවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දවසෙහි මාගේ ගමන සඵලකරමින් මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ට කරුණාව පෙන්නුව මැනව.
එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි;
මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය.
තවද යාකොබ්: මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී යන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළවූ ස්වාමීන්වහන්ස,
තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.
එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවේ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඇසුවේය.
තවද මිසරයේදී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටුසේක, රතු මුහුද ළඟදී ඔවුන්ගේ මොරගැසීමද ඔබ ඇසූසේක;
ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
නුඹ ගොස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් රැස්කොට: නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ මට පෙනී: සැබවින් මම නුඹලා බලා වදාරා මිසරයෙහිදී නුඹලාට කෙරෙන දේ දුටිමි.
තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.
මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද?
නුමුත් මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පාවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ.
සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.
මම නුඹේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවියන්වහන්සේය කියා ස්වාමීන්වහන්සේගේ හඬක් විය. මෝසෙස් වෙවුලමින්, බලන්ට භයවූයේය.
මිසරයෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින් දුටිමි, ඔවුන්ගේ සුසුම්ලෑම අසා, ඔවුන් ගළවන පිණිස බැස්සෙමි. ඉතින් එන්න, නුඹ මිසරයට යවන්නෙමියි කීසේක.
එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.
නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,