Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 24:7 - Sinhala Revised Old Version

7 මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 24:7
32 හුවමාරු යොමු  

එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.


නුඹලා මාගේ සෙනඟ වන්නහුය, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී,


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.


ඔවුන් වාලට ගෙනගියවුන්ගේ දේශයෙහිදී ඔවුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙසට හැරී යාච්ඤාකරන්නෝ නම්,


නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.


උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.


නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.


එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කථාකොට: අද තිබෙන ප්‍රකාරයට කිරිද මීපැණිද ගලායන්නාවූ දේශයක් නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා ඔවුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන පිණිස, නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණකරන්නාවූ සියල්ල ලෙස කරන්න;


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


මෙසේ වන්නේ ඉශ්‍රායෙල් වංශය මා වෙතින් තවත් මුළාව නොගොස්, තමුන්ගේ සියලු අපරාධවලින් තවත් කිලුටු නොවී, මාගේ සෙනඟ වන පිණිසත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිසත්යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුඹ කළ සියල්ල ගැන මා විසින් නුඹට කමාවෙන විට නුඹ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිස,


ඉශ්‍රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්‍රායෙල් රට නුඹලාට දෙන්නෙමි.


පොළොව ධාන්‍යවලටත් මිදියුසයටත් තෙල්වලටත් උත්තරදෙනවා ඇත; ඒවාද යෙස්‍රෙයෙල්ට උත්තරදෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්