ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 17:20 - Sinhala Revised Old Version

තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද මෙසේ තමාගේ රාජ්‍යය කෙරෙහි තමාගේ සහ තමාගේ පුත්‍රයන්ගේත් දවස් ඉශ්‍රායෙල් මැද වැඩිකරගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපණත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපනත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 17:20
39 හුවමාරු යොමු  

උන්වහන්සේගේ සියලු විනිශ්චයයෝ මා ඉදිරියෙහි වූය. උන්වහන්සේගේ පනත්වලින් අහක්ව නොගියෙමි.


එහෙත් මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගත්තාවූ, මාගේ ආඥාද පනත්ද පැවැත්තුවාවූ, මාගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල අධිපතියාව සිටින්ට ඔහුට ඉඩහැර,


මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.


නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්,


ස්වාමීන්වහන්සේ යේහුට කථාකොට: නුඹ මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කිරීමෙන් යුතුලෙස ක්‍රියාකොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳගන්නෝයයි කීසේක.


නුඹ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, නුඹේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙනලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා ඇරියේය.


මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි නුඹ කියයි; නුඹේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙන ලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා හැරියේය.


නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.


ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී,


ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.


ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය.


මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන නුඹ ඇසූ විට නුඹේ සිත මොළොක්වී නුඹ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, නුඹ මා ඉදිරියෙහි යටහත්වී නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් නුඹට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.


ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.


තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.


මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?


නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.


මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද


බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.


තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.


ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.


මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


ඔවුන් නුඹට දන්වා දෙන ව්‍යවස්ථාවේද නුඹට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් නුඹට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.


මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.


එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.


එවිට සාමුවෙල් රජකමේ විධිය සෙනඟට කියාදී, ඒක පොතෙහි ලියා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබුවේය. සාමුවෙල් මුළු සෙනඟ හරිනුයේ, එකිනෙකා තම තමාගේ ගෙදරට යන්ට හැරියේය.


මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.