Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:27 - Sinhala Revised Old Version

27 මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන නුඹ ඇසූ විට නුඹේ සිත මොළොක්වී නුඹ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, නුඹ මා ඉදිරියෙහි යටහත්වී නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් නුඹට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:27
24 හුවමාරු යොමු  

නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.


ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.


මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.


දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.


ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,


රජ වනාහි ව්‍යවස්ථාවේ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගත්තේය.


ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී,


ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය.


ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.


මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන,


නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ යූදාහි රජුට මෙසේ කියන්න-නුඹ ඇසූ වචන සම්බන්ධව ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


මම නුඹේ පියවරුන් වෙතට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.


උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය.


ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක.


ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්