Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:16 - Sinhala Revised Old Version

16 නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:16
24 හුවමාරු යොමු  

එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යූදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය.


විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.


මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි නුඹ කියයි; නුඹේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙන ලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා හැරියේය.


බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.


මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න.


නුඹේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ, නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටහත්කර නුඹ සෝදිසිකරන පිණිස,


පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,


නුඹ ඒදොම්වරුන්ට පහර දුන්නා සැබෑය, නුඹේ සිතද උඩඟුවී තිබේ. ඒ ගෞරවය ඇතුව ගෙදර සිටින්න; නුඹද නුඹ සමඟ යූදාවරුන්ද වැටෙනලෙස නුඹ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යූදාහි රජවූ අමශියාට කියා ඇරියේය.


ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.


එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ.


ඒවායේ ගින්දර බහා, ස්වාමීන්වහන්සේ ඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමීන්වහන්සේ විසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය.


ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද,


යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,


තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.


තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.


එළුවා ඉතා උඩඟුලෙස හැසුරුණේය. නුමුත් ඌ ශක්තිමත්වූ කල මහ අඟ බිඳුණේය; ඒ වෙනුවට මහත් අං සතරක් අහසේ සතර හුළං දෙසට හටගත්තේය.


තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරයටිය ලියලනවා ඇත. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්ට සලස්වන්නෙමියි කීසේක.


ස්වාමීන්වහන්සේ රජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.


තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.


ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්