Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:28 - Sinhala Revised Old Version

28 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:28
15 හුවමාරු යොමු  

මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.


නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.


මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.


මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.


උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක; ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


අහෝ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස,


ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස කරමින්, මාගේ පනත්ද විනිශ්චයන්ද පවත්වන්නෙහි නම්:


කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.


ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.


එබැවින් නුඹලා මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.


පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.


අව්විවරු නිබ්හස්ද තර්තාක්ද යන දෙවිවරුන් සෑදුවෝය, සෙපර්විවරුද සෙපර්වයිමේ දෙවිවරුන්වූ අද්‍රම් මෙලෙක් සහ අනම්මෙලෙක් සඳහා තමුන්ගේ දරුවන් ගින්නෙන් දැවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්