Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:30 - Sinhala Revised Old Version

30 ස්වාමීන්වහන්සේ යේහුට කථාකොට: නුඹ මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කිරීමෙන් යුතුලෙස ක්‍රියාකොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳගන්නෝයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:30
13 හුවමාරු යොමු  

යේහු තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් ඔහු වෙනුවට රජ වුණේය.


අහසියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෝවාෂ්ගේ විසිතුන්වෙනි අවුරුද්දේ යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දහහත් අවුරුද්දක් රජකම් කෙළේය.


යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය.


යූදාහි රජවූ යෝවාෂ්ගේ තිස්හත්වෙනි අවුරුද්දේදී යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී අවුරුදු දහසයක් රජකම්කෙළේය.


ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.


ආහබ් මා ඉදිරියෙහි යටත්වුණ බව නුඹ දුටුවෙහිද? ඔහු මා ඉදිරියෙහි යටත්වුණ බැවින් ඒ විපත ඔහුගේ දවස්වලදී නොව ඔහුගේ පුත්‍රයාගේ දවස්වලදී ඔහුගේ වංශය පිටට පමුණුවන්නෙමියි කීසේක.


නුඹ මා කෝපකරවමින් ඉශ්‍රායෙල්ට පව්කරන්ට සලස්වමින් කළ ක්‍රියාව නිසා නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද කරන්නෙමියි කියනසේකැයි කීවේය.


ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.


යෙරොබොවම්ද තමාගේ පියවරුන් වන ඉශ්‍රායෙල් රජුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ සෙකරියා ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්