උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි.
ද්විතීය නීතිය 17:1 - Sinhala Revised Old Version යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. Sinhala New Revised Version “කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි. Sinhala New Revised Version 2018 “කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි. |
උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි.
ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන,
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
නුඹලා පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් නුඹව පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර,
එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න.
වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න.
මක්නිසාද එබඳු දේ කරන සියල්ලෝ එනම් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියාකරන සියල්ලෝ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.