Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 17:1 - Sinhala New Revised Version

1 “කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 17:1
19 හුවමාරු යොමු  

උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත.


නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.


හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.


දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.


සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.


ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.


‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.


එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.


ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.


මෙවැනි වංචනික දේවල් සහ අසාධාරණ දේවල් කරන්නෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි.”


ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.


එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්