ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 15:19 - Sinhala Revised Old Version

නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 15:19
18 හුවමාරු යොමු  

ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද නුඹ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.


නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.


නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.


ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලෝද ගවයන්ගෙන්ද බැටළුවන්ගෙන්ද උපදින සියලුම කුලුඳුල් පිරිමි සත්තුද මාගේය.


නුමුත් කුලුඳුල්ව ඉපිද ස්වාමීන්වහන්සේට අයිතිවෙන කුලුඳුල් මෘගයෙක් කිසිවෙකු විසින් කැපනොකළ යුතුය; ගවයෙක් වුවත් එළුවෙක් හෝ බැටළුවෙක් වුවත් ඌ ස්වාමීන්වහන්සේටම අයිතිය.


ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය.


එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.


මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් නුඹේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් නුඹ වෙන්නාවූ නුඹේ කිසි බාර පූජාවක්වත් නුඹේ ස්වෙච්ඡා පූජාවල්වත් නුඹේ අතේ එසවීම් පූජාවවත් නුඹේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.


නුඹේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද නුඹේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න.


නුඹ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම නුඹට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා නුඹට වැඩකෙළේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද නුඹ කරන සියල්ලේදී නුඹට ආශීර්වාදකරනවා ඇත.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න.


ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,