Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:17 - Sinhala Revised Old Version

17 එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:17
5 හුවමාරු යොමු  

එවිට නුඹ බැටළුවා මරා උගේ ලේ රැගෙන පූජාසනය පිට වටකරින් ඉසින්න.


පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.


මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්