Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:15
12 හුවමාරු යොමු  

කුලුඳුල් කොටළුවා වෙනුවට බැටළු වස්සෙකු දී ඌ මුදාගන්න. මුදාගන්ට නොකැමැත්තෙහිනම් නුඹ උගේ බෙල්ල කඩන්ට ඕනෑය. නුඹේ පුත්‍රයන්ගෙන් සියලු කුලුඳුලන් මුදාගන්න. සිස් අතින් කිසිවෙක් මා ඉදිරියෙහි නොපෙනේවා.


ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.


ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස,


මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.


තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි.


මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න.


නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.


පූජකයෝ තම තමුන් අඳුනන්නවුන්ගෙන් ව්‍යවහාර මුදලින් ගනිත්වා, ඔව්හුද ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින කැඩුම් හරිගස්සත්වයි කීවේය.


අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුස හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්