Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 15:19 - Sinhala New Revised Version 2018

19 “ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 15:19
18 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.


සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.


මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.


එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.


“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.


“සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය.


සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;


මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත.


මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.


සියලු කුලුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපළේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුලුඳුල් පිරිමි සතෙක් ම මට අයිති වේ.


මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය.


නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.


දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”


“නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්