ජොයෙල් 2:2 - Sinhala Revised Old Version ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත. Sinhala New Revised Version ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. Sinhala New Revised Version 2018 ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. |
වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ.
නුඹේ පියවරුන්වත් නුඹේ පියවරුන්ගේ පියවරුන්වත් පොළොවේ විසූ තැන් පටන් අද දක්වා නුදුටු ලෙස නුඹේ ගෙවල්ද නුඹේ සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගෙන් පිරෙන්නේයයි ඔහුට කීය. ඔහු හැරී ඵාරාවෝ කෙරෙන් පිටතට ගියේය.
ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
බොහෝ දවසකට පසු ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පිටත්වී ප්‍රාත් ගංගාව ළඟට ගොස්, එහි සඟවා තබන්ට මා විසින් නුඹට අණකළ පටිය එතැනින් ගන්නැයි කීසේක.
මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.
මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.
එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.
එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.
මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ.
මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය.
ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි.
මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. ස්වාමීන්වහන්සේ පූජාවක් පිළියෙළකොට, තමන් විසින් කැඳෙවු අය කැපකර තිබේ.
මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.
මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.
පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. නුඹේ පියාගෙන් අසව, ඔහු නුඹට පෙන්වන්නේය; නුඹේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු නුඹට කියන්නෝය.
තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,
ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.
ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය.