Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 10:6 - Sinhala Revised Old Version

6 නුඹේ පියවරුන්වත් නුඹේ පියවරුන්ගේ පියවරුන්වත් පොළොවේ විසූ තැන් පටන් අද දක්වා නුදුටු ලෙස නුඹේ ගෙවල්ද නුඹේ සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගෙන් පිරෙන්නේයයි ඔහුට කීය. ඔහු හැරී ඵාරාවෝ කෙරෙන් පිටතට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔබේ මාලිගා ද ඔබේ නිලධාරීන්ගේ ගෙවල් ද මිසර වැසි සියල්ලන්ගේ ගෙවල් ද උන්ගෙන් පිරී යන්නේ ය. ඔබේ පියවරුන් වත්, පියවරුන්ගේ පියවරුන් වත් ඔවුන් මෙරට පදිංචි වූ දින පටන් අද දක්වා මෙවැන්නක් දකින්නට නැතැ’ ”යි කී හ. ඉන්පසු ඔව්හු පාරාවෝ වෙතින් හැරී යන්න ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔබේ මාලිගා ද ඔබේ නිලධාරීන්ගේ ගෙවල් ද මිසර වැසි සියල්ලන්ගේ ගෙවල් ද උන්ගෙන් පිරී යන්නේ ය. ඔබේ පියවරුන් වත්, පියවරුන්ගේ පියවරුන් වත් ඔවුන් මෙරට පදිංචි වූ දින පටන් අද දක්වා මෙවැන්නක් දකින්නට නැතැ’ ”යි කී හ. ඉන්පසු ඔව්හු පාරාවෝ වෙතින් හැරී යන්න ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 10:6
11 හුවමාරු යොමු  

නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම නුඹ පිටටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.


එවිට මැඩියන්ගෙන් ගඟ පිරෙනවා ඇත, උන් නුඹේ ගෙටත් නුඹේ යහන් ගබඩාවටත් නුඹේ යහන පිටටත් නුඹේ මෙහෙකරුවන්ගේ ගෙටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ උදුන්වලටත් නුඹේ පිටි අනන ඔරුවලටත් නැගී එන්නෝය.


ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.


ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය.


එසේ නොවේ. නුඹලාගේ පිරිමි පක්ෂය ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; මක්නිසාද නුඹලාගේ ඉල්ලීම ඒකයයි ඔවුන්ට කීවේය. තවද ඔව්හු ඵාරාවෝ ඉදිරියෙන් පන්වනලද්දෝය.


මෙසේ මිසර දේශය ජනපදයක්වූ පසු එහි කොතැනකවත් නුවූලෙස ඉතා තද ගල් වර්ෂාවද ගල් වර්ෂාව හා මිශ්‍රව ගිනිද වැස්සේය.


උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.


බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්