Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 4:13 - Sinhala Revised Old Version

13 මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 4:13
38 හුවමාරු යොමු  

උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් ස්ථානයෙන් පිටත්වී බැස ඇවිත්, පොළොවේ උසස්ථාන පිට ඇවිදිනසේක.


උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.


අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය:


උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.


උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.


ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.


යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?


උන්වහන්සේ ඔහු පොළොවේ උස් තැන් පිට නැගීයන්ට සැලැස්වූ සේක, ඔහුද කෙතේ අස්වැන්න කෑයේය; පර්වතයෙන් මීපැණිද ගිනිගල් පර්වතයෙන් තෙල්ද උන්වහන්සේ ඔහුට පෙවූසේක;


ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය.


මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගුකෙළේය; එවිට මිසර දේශය මුළුල්ලෙහි තුන් දවසක් ඝනාන්ධකාරයක් වූයේය;


හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.


ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]


ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.


ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා අසා යාකොබ්ගේ වංශයට විරුද්ධව සාක්ෂි දෙන්නැයි සේනාවල දෙවියන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් ඇත්තේය. උන්වහන්සේ පොළොවේ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.


උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් තිබෙයි, උන්වහන්සේ පොළෝ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.


මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.


ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.


උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.


ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.


උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.


මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාරනුවූසේක.


යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: කුමක් නිසා නුඹලා නුඹලාගේ සිත්වලින් නපුරු දේ සිතන්නහුද?


මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.


ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක.


එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.


කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්