Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 13:16 - Sinhala Revised Old Version

16 උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 13:16
36 හුවමාරු යොමු  

එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.


ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;


එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.


ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.


දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.


යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.


අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.


එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.


එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක.


තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය.


එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි.


නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.


ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.


සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,


එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.


අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැඳී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා.


සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය;


උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.


මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.


මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.


සිත දියවීයන පිණිසත් පැකිලීම් වැඩිවෙන පිණිසත් ඔවුන්ගේ සියලු දොරටුවලට විරුද්ධව කඩුවේ භයානකකම මම නියමකෙළෙමි. අහෝ ඒක විදුලිය මෙන් ඔප් නගා, මරාදැමීමට තියුණුකර තිබේ.


එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.


නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.


ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්.


අන්ධයන් මෙන් අපි භිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.


ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්