Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 13:19 - Sinhala Revised Old Version

19 මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මන්ද, දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුවූ විරූ, මතු ද නොවන විරූ, දුක් පීඩා ඒ දවස් වල දී පැමිණෙන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන්ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මන්ද, දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුවූ විරූ, මතු ද නොවන විරූ, දුක් පීඩා ඒ දවස් වල දී පැමිණෙන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:19
17 හුවමාරු යොමු  

ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.


ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.


එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.


යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?


ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.


මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා නුඹට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.


මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.


මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.


ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.


ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්