Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 1:12 - Sinhala Revised Old Version

12 මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 අනේ! මේ මඟ යන සියල්ලෙනි, නෙත් යොමා බලන්න. සමිඳුන්ගේ උදහස ඇවිළී ගිය දවසේ දී එතුමාණන් මට පහර දීමේ දී මට ඇති වූ දුක තරම් දුකක් තවත් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 අනේ! මේ මඟ යන සියල්ලෙනි, නෙත් යොමා බලන්න. සමිඳුන්ගේ උදහස ඇවිළී ගිය දවසේ දී එතුමාණන් මට පහර දීමේ දී මට ඇති වූ දුක තරම් දුකක් තවත් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 1:12
18 හුවමාරු යොමු  

එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ටකරන තෙක්ද සම්පූර්ණ කරන තෙක්ද උන්වහන්සේගේ බලවත් උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී නුඹලා එය තේරුම්ගන්නවා ඇත.


මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය.


මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.


යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.


ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.


ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.


අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.


බලව, ස්වාමීන්වහන්සේගේ කෝපය සහිත කුණාටුවක් වන ගසාගන යන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට වදිනවා ඇත.


මක්නිසාද නුඹට ඉශ්‍රායෙල් කවටකමක් වුණා නොවේද? ඔහු සොරුන් අතරේ සම්බවීද? මක්නිසාද නුඹ ඔහු ගැන කථාකරන සෑම විටම නුඹ හිස වනන්නෙහිය.


ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි. අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.


ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.


අහෝ මාගේ රිදුම නිසා මට දුක්වේ! මාගේ තුවාලය බරපතළය. මමද: සැබවින් මේ මාගේ දුකය, මේක මා විසින් දැරිය යුතුයයි කීවෙමි.


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! ‍‍ උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්