මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ග රක්ෂාකෙළෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ට ලෙස අහක්ව නොගියෙමි.
ගීතාවලිය 36:3 - Sinhala Revised Old Version ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී. Sinhala New Revised Version ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි. Sinhala New Revised Version 2018 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි. |
මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ග රක්ෂාකෙළෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ට ලෙස අහක්ව නොගියෙමි.
ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
ඔහුගේ මුඛය ශාපයෙන්ද රැවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.
නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.
මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත; ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු දිවෙන් චාටු බස් කියති.
ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.
නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.
මම නුඹ සමඟ හැරී නොඑමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් නුඹ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.
සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: නුඹ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.