ගීතාවලිය 58 - Sinhala Revised Old Versionඅධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්ට තරවටුකිරීම 1 බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද? 2 එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය. 3 දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති. 4 ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය; 5 මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි. 6 දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව. 7 ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා. 8 දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා. 9 නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිසුළඟකින් පහ කරනසේක. 10 පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය. 11 එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය. |
Ceylon Bible Society
Ceylon Bible Society