Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 36:3 - Sinhala New Revised Version

3 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 36:3
26 හුවමාරු යොමු  

බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.


මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.


එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත.


ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්,


මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”


ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.


එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!


මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?


දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.


මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.


එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.


එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.


මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නො‍ගියෙමි.


ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


එහෙත්, ඔවුන් යහපත එපා කර ඇත. එබැවින් සතුරෝ ඔවුන් ලුහුබැඳ යති.


ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්