Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:26 - Sinhala Revised Old Version

26 මම නුඹ සමඟ හැරී නොඑමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් නුඹ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:26
16 හුවමාරු යොමු  

මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.


මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.


එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.


මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.


එවිට සාමුවෙල් හැරී සාවුල් සමඟ ගියේය; සාවුල්ද ස්වාමීන්වහන්සේට නමස්කාරකෙළේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.


උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.


නුඹ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ නුඹට මේ දෙය කළසේක.


නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.


මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.


එහෙත් නුඹ ඉදිරියෙන් මා විසින් අහක්කළ සාවුල්ගෙන් මාගේ කරුණාව පහකළාක් මෙන් ඔහුගෙන් එය පහනොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්