මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර
එළිදරව් 10:5 - Sinhala Revised Old Version මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා: Sinhala New Revised Version මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා, සිංහල කාලීන පරිවර්තනය එවිට මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා ස්වර්ගය දෙසට තම දකුණු අත ඔසවා, Sinhala New Revised Version 2018 මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා, |
මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර
ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.
තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.
තවද: මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි;
ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.
නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා විසින් මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්‍රායෙල් රටට මා විසින් නුඹලා පැමිණෙවු කල්හි මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්‍රකාශවූ දවසේදී: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.
නුඹලාගෙන් එක්කෙනෙකුට මෙන් තවත් කෙනෙකුට ඒක උරුමවන්නේය; මක්නිසාද නුඹලාගේ පියවරුන්ට ඒක දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයක් පිණිස නුඹලාට ලැබෙන්නේය.
එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.
මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි.
මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.
මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්:
ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.
ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,
ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.
සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය.
අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.
ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල,