Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:7 - Sinhala Revised Old Version

7 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:7
14 හුවමාරු යොමු  

ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්‍රකාශවූ දවසේදී: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි.


තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


මක්නිසාද මා සදාකාලේටම ජීවත් වන්නාක්මෙන්, මම මාගේ දිලිසෙන කඩුව මුවහත් කර,


එබැවින් ඉශ්‍රායෙල් රට ගැන අනාගතවාක්‍ය කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න–බලව, නුඹලා ජාතීන්ගේ නින්දාව දැරු නිසා මාගේ ජ්වලිතයෙන්ද මාගේ උදහසින්ද මම කථාකෙළෙමි.


නුමුත්, එම්බා ඉශ්‍රායෙල් කඳු, නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නුඹලාගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය.


නුඹට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව නුඹ තවත් දරන්නේවත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්